SSD,HDD දෙකම එකතුවෙලා හැදුනු SSHD

 

මුලින්ම ඔයාල මේක කියවන්න කලින් SSD සහ HDD ගැන දාල තිබ්බ ආටිකල් එක කියවල හිටියන්ම් ගොඩක් හොඳයි

මොකක්ද අප්පේ මේ SSHD(Solid-State Hybrid Drive),සරලව කිව්වොත් මේක Hybrid.ඒ කියන්නෙ මේක ඇතුලෙ SSD හා HDD කියන දෙකම තියෙනවා.SSD එකක් තරම්ම වේගවත් නොවුනත් මේක පාරිභෝගිකයාට ගොඩක් වාසිදායකයි. ඒ කියන්නේ මේක SSD එකකට වඩා මිලෙන් අඩුයි

මේ SSHD එක අතුලෙ කුඩා ධාරිතාවයකින් යුතු SSD එකක් හා විශාල ධාරිතාවයකින් යුතු HDD එකක් අඩංගු වෙනවා. මෙතනදි වෙන්නේ අපි නිරන්තරයෙන් භාවිතා කරන files තාවකාලිකව SSD කොටසේ ගබඩා කරල තියාගන්නවා ඒක නිසා ඒ files ඉක්මනින් අපිට access කරන්න පුලුවන්කම ලැබෙනවා. ඒ කියන්නෙ HDD කොටස තමා Main Storage එක. මේකෙදි SSD වල වගේ Life Time  එක ගැන බයවෙන්න දෙයක් නෑ මොකද HDD එකක් තියෙන නිසා


SSHD එකත් භාහිර ස්වරූපයෙන් HDD එක වගේම තමා අගල් 2.5,3.5 ප්‍රමාන වලින් ගන්න පුලුවන්. දැනට 2TB වෙනකන් ධාරිතා වලින් ගන්න තියෙනවා. සාමාන්‍ය Read/Write වේගය 160MB/S වෙනවා සහ දැනට ලංකාවෙන් නම් SSHD හොයාගන්න අමාරුයි.

ඉතින් ඔයාල ලඟ HDD එකක් විතරක් Plug කරන්න පුලුවන් Laptop එකක් තියෙනවා නම් SSHD කියන්නේ හොඳ විසදුමක්

එහෙනම් මේවගේ අලුත් තාක්ෂණික ලිපියක්  එක්ක ආපහු හම්බවෙමු.

Source-techadvisor.com

Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

Post a Comment

Previous Post Next Post