Defragmentation ගැන කතා කරන්න කලින් fragmentation කියන්නේ මොකක්ද කියල කතා කරල ඉමු.fragmentation කියන එකේ තේරුම තමා කොටස් වලට වෙන්වීම ඉතින් මේක Hard Disk එකට අදාලවෙන්නේ මෙන්න මෙහෙම,Hard Disk එකේ data write කරන්නේ එකේ තියෙන තැටි(platter)උඩනේ.ඉතින් ඔයා file එකක් edit කරනකොට,save කරනකොට වෙගේ දේවල් වලදී hard disk එකේ data write වෙන්නේ තැනින් තැන,පිලිවෙලකට නෙවෙයි.
ඉතින් ඒ file එකේ තැන තැන තියෙන කොටස් එකපාර read කරන්න hard disk එකට ලොකු මහන්සියක් දරන්න වෙන්වා ඔන්න එතකොට ඔයාගේ pc එක slow වෙනවා.උදාහරණයක් විදියට fragmentation කියන්නේ හරියට අපිලිවෙලට තියෙන පොත් රාක්කයක් වගේ, ඕන කරන විශයක පොතක් හොයාගන්න ලොකු වෙලාවක් ගතකරන්න වෙනවා
ඉතින් ඒ අපිලිවෙලට තියෙන පොත් රාක්කේ විශයන් වලට වෙන්කරලා පිලිවෙලකට හදන එක තමා Defragmentation කියන්නේ.ඒකියන්නේ file එකේ තැන තැන තියෙන කොටස් read කරන්න ලේසි වෙන්න පිළිවෙලකට හදන එක.Disk Defragmentation වලට සිංහලෙන් කියන්නේ 'තැටි ප්‍රතිභාගීකරණය' ඒ වචනෙ පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඔනේ ඔයගොල්ලොම තමා .පහල තියෙන gif image එකෙන් ඔයාලට Defragmentation කියන එක තවත් හොඳට තේරුම් යාවි