මොනාද මේ HDD සහ SSD කියන්නේ?SSD ද හොදටම කරන්නේ🤔


අද මම කතාකරන්න  යන්නේ PC එකක් Build කරන කෙනෙකුට තමන්ගේ Storage Device එක තෝරනකොට එන්න පුලුවන් දැවෙන ප්‍රශනයක් ගැන(සාමාන්‍ය කෙනෙක් මේක දැනගත්ත කියල වරදක් වෙන්නෑ ඉතින්😅),ඒක තමා HDD සහ SSD කියන්නෙ මොනාද කියන එක.කාගෙන් හරි ඒ ගැන ඇහුවොත් ගත්කටටම කියන්නෙ SSD තමා හොදම කියල.ඉතින් ඒක ඇත්තක්ද?.අපි ඒ ගැන ටිකක් හොයල බලමු

HDD(Hard Disk Drive)

  • අපි දන්න කාලෙක ඉදන්ම PC,Laptop වල පාවිච්චිවෙන්නෙ මේක තමා.මෙතනදි වෙන්නෙ Magnatic Field එකක් පාවිච්චි කරල HDD එකේ තියෙන තැටි(Platter) උඩ Data Write කරන එක(සරලව පැහැදිලි කරල තියෙන්නෙ කාටත් තේරෙන්නෙ)
  • මූලිකව Laptop හා Desktop වලට 2.5-inch හා 3.5-inch ප්‍රමාණ වලින් තියෙනවා
            Storege Capasity                                 -  20TB  දක්වා  *සාමාන්‍ය වෙලදපොලේ
            
            Read/Write Speed( Normal)              -  80-160 MB/S 
            
            Connecter Port                                    - Sata සහ IDE Ports(මූලිකව)

SSD(Solid State Drive)

  • ඔන්න දැන් තමා වැදගත්ම දේ ගැන කියන්නේ.මෙතනදි තමා ගොඩක් කට්ටිය පටලව ගන්නෙ😅
  • මෙව්වගෙ HDD වල වගේ නෙවෙයි Data Store කරන්නේ Storage  Chip වල
  • SSD,HDD වලට සාපේක්ශ්ව මිලෙන් අදිකයි
  • මූලිකව දැනට SSD වර්ග 3 ක් අපිට බලාගන්න පුලුවන්
    1. Sata SSD
    2. M.2 Sata SSD
    3. M.2 Nvme SSD

      1.Sata SSD

  • SSD වලින් මේක තමා අපිට මුලින්ම හම්බවෙන්නෙ.මේක සාමාන්‍යයෙන් ඕනෑම පරිගනකයකට වාගේ පාවිච්චි කරන්න පුලුවන්(ගොඩාක් පරන එව්වට බෑ)
  • ප්‍රමාණය  2.5-inch වෙනවා(Laptop HDD Size)

            Storage Capasity                                 -  8TB  දක්වා  *සාමාන්‍ය වෙලදපොලේ
            
            Read/Write Speed( Normal)              -  530-500 MB/S *සාමන්‍යයෙන්
            
            Connecter Port                                    - Sata Port

  • HDD වලට තරම් Life Time එකක් මේකට නෑ

        2. M.2 Sata SSD 

  • අලුත් පරම්පරාවේ SSD වලින් මේක තමා මුලින්ම හම්බවෙනේ.ගොඩක් කට්ටිය මේක Nvme එකත් එක්ක පටලව ගන්නවා.මේකෙ Pin Array එකෙන් ලේසියෙන්ම Nvme(මේ ගැන පහල තියෙන්වා) එකත් එක්ක වෙන් කරල හොයාගන්න පුලුවන්
            Storage Capasity                                 -  2TB  දක්වා  *සාමාන්‍ය වෙලදපොලේ
            
            Read/Write Speed( Normal)              -  530-500 MB/S *සාමන්‍යයෙන්
            
            Connecter Port                                    - M.2 Port
  • මේකේ වැදගත්ම දේ තමා M.2 Port එකට Plug කරත් Pc එකේ තියෙන Sata Port එකක් Disable වෙන්න පුලුවන් කමක් තියෙන්වා
  • HDD වලට තරම් Life Time එකක් මේකට නෑ

     3. M.2 Nvme SSD 

  • මේක තමා අලුත් පරම්පරාවේ දෙවෙනියට හම්බවෙන SSD එක.මේක ගැන තමා කස්ටිය ගොඩක්ම කතාවෙන්නේ,එකඅතකින් ගත්තාම මේක ඇත්තටම සුපිරි.එක අතකින් කිව්ව එකට හේතුව පහල කියවන් යද්දි ඔයාලට තේරෙයි😅
  • මේකෙදි Data Transfer වෙන්නේ PCIe lanes හරහා ඒකනිසා මේක පට්ට speed එකක් තියෙන්වා
            Storage Capasity                                 -  2TB  දක්වා  *සාමාන්‍ය වෙලදපොලේ
            
            Read/Write Speed( Normal)              -  3500-2500 MB/S *සාමන්‍යයෙන්
            
            Connecter Port                                    - M.2 Port
  • මේකෙ තියෙන ලොකුම දුර්වල තාවය තමයි අදික විදුලි පරිබෝජනය,ඒ කියන්නේ මේක සුපිරියට රත්වෙන්වා. මේක පාවිච්චි කරනව නම් අනිවාරෙන් Pc එකේ හොද  Cooling එකක් තියෙන්නෙ ඔනේ.මේකට Heat Sink එකක් තියෙන්වනම් වඩාත් හොදයි
  • අනික් කාරනය තමයි මේකටත් HDD වලට තරම් Life Time එකක් නෑ
  • මිලෙන් ඉතා අදිකයි


                                        අන්තිමට කියන්න තියෙන්න ඔයාලට SSD එකක් OS එකටයි Softwear ටික Install කරගන්නයි විතරක් Storage එක විදියට SSD එකක් පාවිච්චි කරන්න කියන එක තමා,තමන්ගෙ Normal Data Store කරන්න SSD එකක් පාවිච්චි කරන එක එච්චර හොද දෙයක් නෙවෙයි

    ඉතින් ඔයාලට දැන් සරලව තේරෙන්වා ඇති HDD සහ SSD කියන්නෙ මොනාද කියන එක,එහෙනම් තවත් මේ වගේ දැවෙන ප්‍රශ්නයකට උත්තරත් එකක් ආපහු හම්බවෙමු😅.
Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

2 Comments

Previous Post Next Post