Xiaomi සමාගම තම Mi වෙළඳ නාමය අත්හැරීමට කටයුතු කරයි


සියලුම සමාගම් අභිබවමින් xiaomi සමාගම ලොක වෙළඳපොලේ අංක එකේ ජංගම දුරකතන  නිෂ්පාදකයා  බවට පත්වී තිබෙනවා  කියා ඔබ මේ වෙන විටත් දන්නවා ඇති .Xiaomi සමාගම  Redmi,Poco,Black Shark සහ Mi කියන වෙලද නාම යටතේ තම ජංගම දුරකතන වෙලඳපලට නිකුත් කරනවා. ඉතින් මේ අතරින් xiaomi සමාගමේ ප්‍රදානතම හා බොහෝමයක් Flagship Device සදහා භාවිතා වූ වෙලද නාමය වන 'Mi' වෙළඳ  නාමය අත්හැර ඒ වෙනුවට  'Xiaomi' යන්න භාවිතා කිරීමට ඔව්න් මේ වනවිට තීරණය කර තිබෙනවා. 

Mi වල ඉතිහාසය ගත්තොත් Mi නාමය ප්‍රථමයෙන් භාවිතා කරේ ජංගම දුරකතනයක් සදහා නොව Custom Rom එකක් සදහා යි.ඒ 2010 වර්ෂයේ නිර්මානය වූ Android 2.2 මගින් බල ගැන්වූ මුල්ම MIUI Rom එකයි.මෙම Custom Rom එක HTC Desire හා Google Nexus One දුරකතන සදහා නිර්මානය වූවකි.පසුව Xiaomi සමාගමේ ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය Mi වෙලඳ නාමය යටතේ 'Mi 1' ලෙසින් 2011 වර්ෂයේදී වෙලඳපලට නිකුත් විය

ඉතින් මේ Xiaomi සමාගමේ Rebrand තීරනයත් සමග'Mi' නාමය යටතේ Mi,Mi Note හා Mi Mix ලෙස පැමිනෙන දුරකතනන අනාගතයේදී Xiaomi,Xiaomi Note හා Xiaomi Mix ලෙස ජංගම දුරකතන වෙලඳපලට පැමිනෙනු ඇත.අවසාන වශයෙන් 'Mi Mix 4' ලෙස ඉදිරි දිනයකදී නිකුත් වීමට තිබූ ජංගම දුරකතනය 'Xiaomi Mix 4'ලෙස නිකුත්වීමට නියමිත බවද සදහන් කල යුතුය.

Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

Post a Comment

Previous Post Next Post