Whatsapp තුල Message Reactions පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි


ඔබ දන්නවා Facebook සමාගම 2021 වර්ෂයේ නිකුත් කරපු නව Privacy Policy Update එක පරිශීලකයින් විශාල පිරිසක් විවේචනය කරා වගේම මේ Privacy Policy Update එක හේතුවෙන් Whatsapp පරිශීලකයින්  විශාල පිරිසක් Whatsapp අත්හැර වෙනත් Massaging Platform වෙතට මාරු වුන බව.ඉතින් මේ හේතුව නිසාවෙන් Facebook සමාගම මේ වන විට ඉතාමත් වේගයෙන් කෙටි කාලයක් තුලදී Whatsapp වෙතට නව පහසුකම් කිහිපයක්ම එකතු කර තිබෙනවා හා තවත් පහසුකම් එකතු කරමින් යන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඉතින් දැන් මේ කියන්න යන්නේ Whatsapp වලට අලුතින්ම එකතු වීමට නියමිත Message Reactions පහසුකම ගැන.විශේෂයෙන්ම සදහන් කරන්න අවශ්‍යයි මේ පිලිබඳ තොරතුරු හෙලි වන්නේ wabetainfo වෙබ් අඩවියෙන් නිකුත් කරපු එකම එක Screen Shot එකකින් පමණක් බව.

ඔබ Instagram, Twitter, Signal, Slack, සහ Facebook Messenger වැනි ඒවායින් එකක් භාවිතා කර තිබේ නම් ඔබට මේ වනවිටත් Message Reactions කියන්නේ මොකක්ද කියන එක ගැන යම් අදහසක් ඇති.ඉතින් මේ Message Reactions පහසුකමෙන්  ඔයාට එන message එකකට ඔයාගෙ අදහස තනි emoji එකකින් හෝ emoji කිහිපයකින් ලේසියෙන්ම ප්‍රකාශ කරන්න පුලුවන්කම ලැබෙනවා.

මෙය whatsapp හී ඡායාරූපයක් නොවේ

ඉතින් මේ Message Reactions  පහසුකම ගැන තවමත් විස්තරාත්මක තොරතුරක් ලැබී නොමැති අතර පලමුවමෙය Whatsapp Beta පරිශීලකයින් හට නුදුරේදීම නිකුත් වේවි කියා බලාපොරොත්තු වෙන්න පුලුවන්.


Source- XDA-Developers, Wabetainfo

Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

Post a Comment

Previous Post Next Post