අද අපි කතා කරන්න යන්නේ NFC ගැන. සමහරු මේ ගැන අහලත් ඇති නැතුවත් ඇති. ඉතින් NFC මේ වෙනකොටත් ඔයාගේ අතේ, සාක්කුවේ නැත්නම් පර්ස් එකේ උනත් තියෙන්න පුලුවන්. NFC කියන්නේ මොකක්ද, වැඩකරන්නේ කොහොමද සහ NFC වලින් මොනාද කරන්න පුලුවන් කියන එක ගැන අද අපි කතා කරමු.
මොකක්ද මේ NFC ?
සරලවම කිව්වොත් NFC (Near Field Communication) කියන්නේ රැහැන් රහිතව දත්ත හුවමාරු කරන තවත් එක ක්රමයක්. මෙහිදී රේඩියෝ තරංග මගින් තමයි මේ දත්ත හුවමාරු වීම සිදුවෙන්නේ. ඉතින් මේ NFC තාක්ෂණය ලෝකයේ විශාල වශයෙන් භාවිතා වූවත් ලංකාවෙ නම් භාවිතා වෙනවා ඉතාම අඩුයි.
NFC වැඩකරන්නේ කොහොමද?
NFC වල දත්ත හුවමාරු සඛ්යාතය 13.56 MHz වෙනවා වගේම, මෙහිදී 106-424 Kbps වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාව ලැබෙනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි NFC වලදී දත්ත හුවමාරු කරගන්න පුලුවන්කම ලැබෙන්නේ 4cm දක්වා දුරකට පමණක් වීම. ඔව් ඔයා හිතනවා හරි මේ කියන විදියට Bluetooth මීට වඩා හොදයිනේ. හැබැයි මේ NFC වල හා Bluetooth වල භාවිතයන් හාත්පසින්ම වෙනස්. ඒ නිසා මේ දෙකෙන් මොකක්ද හොද කියන එක තෝරලා කිසිම තේරුමක් නෑ.
- Reader/writer Mode (NFC Tag එකක් තුල ඇති දත්ත කියවීමේදී)
- Peer-to-Peer Mode (NFC සහිත දුරකතන 2ක් අතර files හුවමාරුවේදී)
- Card Emulation Mode (NFC සහිත බැංකු කාඩ්පතක් මගින් ගෙවීම් සිදුකිරීමේදී)
- Wireless Charging Mode
NFC සහිත ජංගම දුරකතනයට ඔබගේ ඕනෑම බැංකු කාඩ්පතක් සම්බන්ද කර ඒ මගින් කෙලින්ම ගෙවීම් සිදුකල හැකියි.සියලුම බැංකු කාඩ් එකවර සම්බන්ද කර එමගින් ගෙවීම් සිදු හැකිවන පරදි සකසා ඇති Google Pay වැනි කිසිදු සේවාවක් තවමත් ලංකාවට සහය නොදක්වයි.නමුත් ලංකාවේ සමහර බැංකු Apps තම බැංකුවට අදාල බැංකු ගිනුමකින් පමනක් ජංගම දුරකතනය භාවිතයෙන් NFC මගින් ගනුදෙනු කිරීමට මේ වන විටත් ඉඩ සලසා තිබෙනවා. මීට අමතරව NFC Tags, NFC Door Lock වැනි NFC අඩංගු විශාල අයිතමයන් ප්රමාණයක් වෙළෙඳපොළෙහි දැකගන්න පුලුවන්.
ඉතින් මේ ලිපියෙන් ඔයාලට NFC ගැන සරල අදහසක් ගන්න පුලුවන් වෙන්න ඇති. එහෙනම් තවත් ලිපියකින් ආපහු හම්බවෙමු.