ඔයාගෙ Phone එකටත් GCam දාන්න පුලුවන්ද?


GCam(Google Camera)කියන්නේ google සමාගම විසින් ඒගොල්ලොන්ගෙ Pixel Phone එකට develop කරපු Camera App එක.ඉතින් ඒකෙ තියෙන විශේෂත්වෙ මොකක්ද?මේකෙ තියෙන විශේෂත්වය තමයි සුපිරි Image Processing Algorithm ඒක කොච්චර සුපිරිද කියන්වන්ම් අනික් brands camera දෙක තුන පාවිච්චි කරපු කාලෙ google සමාගම 2019 දි Release කරපු  Google Pixel 3a XL එකට වෙනකන් ඒ ඔක්කොම වැඩකෑලි දැම්මේ single camera එකකින්.තව මේකේ 360 Photo,හිතාගන්නවත් බැරි විදියෙ Preformence එකක් දෙන Night Mode එකක් තව ගොඩක් දේවල් තියෙනවා



මොනාද මේ GCam Mods?ඒක ඕනෙම Android Phone එකකට දාන්න පුලුවන්ද?

Orginal GCam එක පාවිච්චි කරන්න පුලුවන් Pixel Phone වලට විතරයි, ඉතින් එතනදි වෙනත් App Developers ලා Orginal GCam එක අරන් වෙනත් Android Phone වලට දාන්න පුලුවන් විදියට Modify කරනවා,ඒකට තමයි GCam Mod එකක් කියන්නේ.තව දෙයක් කියන්න ඔනේ Gcam Mod Open Source නෙවෙයි ඒක නිසා ඒක කොයිතරම් ආරක්ෂිතද කියන එක ගැන වගකීමක් මට ගන්න බෑ

ඊලග එක තමයි GCam Mods ඕනෙම  Android Phone එකකට දාන්න පුලුවන්ද කියන එක,කෙලින්ම කිව්වොත් ඕනෙම එකකට සාමාන්‍ය භාවිතයෙදි දාන්න බෑ(root කරොත් සමහර විට පුලුවන්.ඒත් ගැලපෙනන Mod එකක් හොයාගන්න ඔනේ).Gcam install කරලා හරියට වැඩ ගන්න  නම් phone එකේ Camera2api Enable වෙලා තියෙන්න ඔනේ.Xiaomi,Realme,OnePlus කියන Brands වල බහුතරයක් phone වල Camera2api Enable කරල එවන්නේ.ඉතින් ඔයාගෙ phone එකෙත්  Camera2api Enable ද කියල මේ ඇප් එකෙන් ලේසියෙන්ම බලාගන්න පුලුවන්

ඉතින් ඊලඟට Phone එකට ගැලපෙන Gcam මොඩ් එක දාගන්න විදිය,ඒක ඔයාලට ලේසියෙන්ම මේ ලින්ක් එකට ගිහින් තමන්ගේ phone එකට ගැලපෙන Gcam Apk Download කරගන්න පුලුවන්.එහෙමත් නැතනම් ලේසියෙන්ම Google Search කරලා ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

එහෙනම් මේ වගේ තවත් ලිපියකින් ආපහු හම්බවෙමු.



Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

Post a Comment

Previous Post Next Post