Qualcomm Snapdragon 898 හි පලමු Geekbench Score එක නිකුත් වේ.ඒ අනුව 20% ක Performance වර්ධනයක්


Qualcomm Snapdragon 898(SM8450) කියන්නේ Snapdragon 800 Series එකේ ඊලගට නිකුත් වීමට නියමිත Flagship Chipset එකයි. මෙය Snapdragon 898 හෝ Snapdragon 895 ලෙස වෙළෙඳපොළට නිකුත්විය හැකි බව විශේෂයෙන් සදහන් කල යුතුයි. 

මේ Snapdragon 898 Chipset එකේ Geekbench Score එකක් මේ වෙන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර ඒ අනුව පෙර තිබූ Snapdragon 888 Chipset එකට වඩා 20% ක Performance වර්ධනයක් මේ Chipset එකේ දක්නට ලැබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස Geekbench Score නිකුත් වී තිබෙන්නේ Vivo V2102A නම් Vivo සමාගම විසින් ඉදිරියේදී නිකුත් කිරිමට නියමිත Flagship ජංගම දුරකතනය මගින් බව සදහන් කල යුතුයි.

මේ Geekbench Score එකට අනුව Snapdragon 898 Chipset එකට 720 ක Single-Core Score අගයක් හා 1919 ක Multi-Core Score අගයක් ලබා ගන්නට සමත් වි තිබෙනවා. මෙය Cores 8 කින්, 1.78GHz Base Clock අගයකින් හා Adreno 730 GPU එකකින් සමන්විත වෙනවා.

මේ Snapdragon 898 Chipset එක 2022 වර්ෂයේ මුල හෝ මේ වසර දෙසැම්බර් මාසයේදි පමණ නිල වශයෙන් නිකුත් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

Source- GizmochinaGsmarena

Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

Post a Comment

Previous Post Next Post