පරිඝනකයට ලොකු W(වොට්) අගයක් තියෙන Power Supply Unit එකක් දාපුවාමද හොඳ?එතකොට මොකක්ද මේ 80Plus Rating එක?



මම හිතන්නේ Desktop Computer එකක් පාවිච්චි කරන ඔනේම කෙනෙක් දන්නවා Power Supply Unit(PSU) කියන්නේ මොකක් ද කියන එක.ඉතින් PSU එකෙන් කරන ප්‍රදානම කාර්ය තමා  Alternating Current (AC)(නිවසට පැමිනෙන විදුලිය) එක Low Voltage  Direct Current (DC)(බැටරි විදුලිය) බවට පරිවර්තනය කරන එක.



ඔයගොල්ලො සමහර විට දැකල ඇති PSU එකේ W(වොට්) අගයක් ගහල තියෙන්වා ඒකෙන් කියවෙන්නේ PSU එකන් පරිඝනකයට  ලබාදෙන්න පුලුවන් උපරිම විදුලි ප්‍රමානය.සරලව කිව්වොත් PSU එකෙන් ඉල්ලුමට තමා සැපයුම දෙන්නේ.උදාහරනයක් විදියට 500W PSU එකකින් පරිඝනකය 450W ක් ඉල්ලුවොත් PSU එකෙන් දෙන්නෙ 450W යි,ඒ PSU එකෙන්ම  600W ඉල්ලුවොත් එත් දෙන්නේ 500W ම තමා මොකද ඒකට දෙන්න පුලුවන් එච්චරයි. ඉතින් එහෙම වොට් ගාන මදි උනොත් සමහර විට පරිගඝනකය on නොවෙන්නත් පුලුවන් නැත්නම් System එක Low Resolution එකකට මාරු වෙන්නත් පුලුවන්.

සමහරු හිතන් ඉන්නවා PSU එකේ W(වොට්) ගාන වැඩි උනාම ඒක හොදයි කියල ඉතින් ඔයාලට උඩ තියෙන උදාහරනෙ බලපුවාම තේරෙනවා ඒක කිසිම තේරුමක් නැති කතාවක් කියන එක.ඉතින් පරිඝනකයට අවශ්‍ය වෙන W(වොට්) ගානට තමා අපි PSU  එකක් තෝරගන්න ඔනෙ.තව දෙයක් තියෙන්වා ඔයා ගෙදර විදුලි බිල ගැන සැලකිලිමත් වෙනවනම් අනිවාරෙන් PSU එකට 80Plus Rating එකක් තියෙන්වද කියල බලලා ගන්න ඔනේ. 

මොකක්ද මේ PSU වල තියෙන 80Plus Rating එක

සරලවම කිව්වොත් මේකෙන් කියන්නේ PSU එකේ කාර්යක්ෂමතාව ගැන.ඔයාල දන්නවා ඕනෙම විදුලි උපකරනයක් ලබාගන්න මුලු විදුලියම ඒ කාර්යය කරගන්න වැයවෙන්නෙ නැති බව,ඉතින් PSU එකෙත් එහෙමයි ලබාගන්න මුලු විදුලියෙන් කොටසක් තාපය වගේ දේවල් වලට හානි වෙලා යන්වා.ඉතින් ඒ හානි වෙලා ගියාට පස්සේ ඉතිරි කොටසේ ප්‍රතිශතාත්මක අගයක් ගැන තමා මේ 80Plus Rating  වලින් කියන්නේ

ප්‍රධානව 80 Plus,80 Plus Bronze,80 Plus Silver,80 Plus Gold,80 Plus Platinum හා 80 Plus Titanium  කියලා  80Plus Rating 6 ක් තියෙන්වා.ඉතින් මේ 80Plus Rating එකේ කාර්යක්ෂමතාව පාවිච්චිවෙන Load එක,ගෘහස්ත විදුලියේ Voltage එකත් එක්ක වෙනස් වෙනවා.500W PSU එකක Load එක 50% කියන්නෙ ඒවෙලාවෙ පරිඝනකය 250W පාවිච්චි කරනවා කියන එක 

උදාහරනයක් විදියට Full Load එකේදී 80% ක කාර්යක්ෂමතාවක් තියෙන 500W PSU එකක් තියෙන්ව කියල හිතමුකෝ, ඒකේ Full Load එකම(500W)පාවිච්චි කරන වෙලාවක, පාවිච්චි කරන 500W(80%) ට අමතරව තවත් 125W(20%) හානි වෙලා යන්වා ඒකියන්නෙ අපිට සම්පූර්නයෙන්ම 625W වැයවෙනවා.


ඔයාලට මේ පහල දාලා තියෙන වගුවෙන් 80Plus Rating  එකත් එක්ක කාර්යක්ෂමතාව වෙනස් වෙන එක බලාගන්න පුලුවන්


මං හිතනවා දැං ඔයාලට 80Plus Rating කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇති කියල.ඉතින් හොද 80Plus Rating එකක් තියෙන්වා කියන්නේ ඔයාගෙ විදුලි බිල ඉතිරි වෙනවා කියන එක.

අවසානෙට කියන්න ඔනේ මං මෙතන ගොඩක් සරලව විස්තර කරල තියෙන්නෙ,මොකද මේක හැම දෙනාටම තේරෙන්න ඕනෙ වෙන නිසා.එහෙනම් මේ වගේ තවත් තාක්ෂණික ලිපියකින් ආපහු හම්බ වෙමු
Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

Post a Comment

Previous Post Next Post