Windows 11 පලමු sable සංස්කරනය හරහා Android Apps ධාවනය කිරීමේ පහසුකම නොලැබේ.


සියලු දෙනා අතර විශාල කතාබහක් ඇතිකරමින් Microsoft සමාගම 2021 වර්ශයේ නිල වශයෙන් Windows 11 සංස්කරනයක් නිකුත් කරන බවට නිවේදනය කාරා ඔබට මතක ඇති.එහි දී ඔව්න් උලුප්පා පෙන්වූ එක කරුනක් නම් Windows 11 මත Android Apps ධාවනය කිරීමට ඇති හැකියාවයි.මේ වනවිටත් Windows Insider Preview හරහා Windows 11 Beta සංස්කරනය මුදාහැර තිබුනත් එහිදීද මෙම  Android Apps ධාවනය කිරීමේ හැකියාව ලබා දී නොමැත.දැන් ඔව්න්  Windows 11 Sable සංස්කරණය 2021 ඔක්තෝබර් 05 වන දින නිකුත් කරන බවට නිල වශයෙන් නිවේදනය කර හමාරය නමුත් එම Sable සංස්කරණය හරහාද ඔබට මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව නොලැබෙනු ඇත.

මේ වනවිටත් Microsoft Store තුලට Android Apps එකතු කිරීම සදහා Amazon හා Intel සමාගම් සමග එක්ව කටයුතු කරන බවත් Sable සංස්කරනය නිකුත්කිරීමෙන් පසුව ඉදිරි මාස කිහිපය තුලදී Windows Insiders ලා හට මෙම Android Apps සහිත නව Microsoft Store එක නිකුත් කරන බවත් Microsoft සමාගමේ අළෙවිකරණ සාමාන්‍යාධිකාරී Aaron Woodman මහතා පවසා සිටිනවා. 

ඉතින් මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔබ අප සියලු දෙනාම බලා සිටි මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව 2022 වර්ෂය වන තුරුම Windows 11 තුලට නොලැබෙන බවයි

Gaviru Bihan

Gaviru Bihan(Sinhalese: ගවිරු බිහාන්) is a Technology Journalist, Creative Writer and Tech Blogger. Gaviru Bihan was born on June 29, 2002, at Ampara and grew up in modest circumstances in Jayawardhanapura, a village situated in Ampara city

Post a Comment

Previous Post Next Post